ජනාධිපති අනුර කුමාර දිසානායක හට චීනයේ සංචාරයක් සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා විසින් නිල වශයෙන් එම ආරාධනය භාරදී ඇති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉන්දියාව සිදු කළ නිල ආරාධනයකට අනුව දෙසැම්බර් තුන්වන සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයෙන් අනතුරුව මෙම සංචාරය පිළිබඳව රජය සලකා බලමින් සිටින බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *