ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට ක්‍රියාත්මක වන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල. කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම ගාල්ල,මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *