ඉදිරියේදී වාහන ආනයනය අදියර කිහිපයක් යටතේ සිදුකිරීම​ට බලාපොරොත්තු වන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පළමුව විදේශ විනිමය සීමාවන්ට යටත්ව වාණිජ මට්ටමේ වාහන ආයනය සිදුකරන බවයි.

එමෙන්ම අවස්ථා තුනකදී ක්‍රමයෙන් වාහන ආනයනය සිදුවන බවත් ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මකවීමට ඉඩ ලබාදෙන බවත් ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *