නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාමයෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය වසරේ මාර්තු 09වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමට භාරදුන් නාමයෝජනා මේ වන විට ප්‍රයෝගික නොවන බවයි.