ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා.
ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසිය විසින් විකල්ප මාර්ග කිහිපයක් දැනුම් දුන්නා.
ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා.