පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.