සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා.

එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 42කට දැවීගියේ වසර 30ක් පැරණි අමිහිරි වාර්තාවක්ද අලුත් කරමින්.

ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වාර්තා අතරට එක්වුණා.

මීට පෙර එම වාර්තාව තිබුණේ පාකිස්ථාන කණ්ඩායම හමුවේ 1994 වසරේදී වන අතර එම ලකුණු සංඛ්‍යාව 71ක්.

කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් සහ ලහිරු කුමාර 10ක් රැස් කළා.

අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට හෝ ළඟා වීමට නොහැකි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *