2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා -2.1% ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
එය 2024 ඔක්තෝම්බර් මාසය සඳහා -0.8%ක් ලෙස වාර්තා වුණා.
2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.0%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0.6% දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම 2024 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -3.3%ක් දක්වා අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.
එය 2024 ඔක්තෝම්බර් මාසයේදී වාර්තා වුණේ -1.6%ක් ලෙසයි.