අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු වගාවන් සඳහා වන්දි ලබාදීමට තීරණය කර ඇති බවයි.
රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය අඩුවීමෙන් අනතුරුව, වගා හානි පිළිබඳව දත්ත රැස්කර අක්කරයක් සඳහා රුපියල් 40,000ක උපරීමයකට යටත්ව එම වන්දි ගෙවීම් සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.