2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි.
ඒ සඳහා තාක්ෂණික සහය ලබා දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද විවෘතව පවතිනවා.
එමෙන්ම ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාවද විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.