බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

ඒ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන්.

ඒ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 04ක් තවදුරටත් බදුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ සීමිත දුම්රිය ප්‍රමාණයක් කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වා පමණක් ධාවනය වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *