වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩී යාම හේතුවෙන් බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී තිබෙනවා.
එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු නාවික හමුදාව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ගම්වාසීන් සඳහන් කළේ මෙම සපත්තු පාලම ඉතා අබලන් නිසා වසර 20ක පමණ සිට පාලමක් ඉදිකොට දෙන ලෙස කරන ලද ඉල්ලීම් මෙතෙක් ඉටු නොවූ බවයි.