මෙම වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක තුළ ඊශ්‍රායල් රැකියා සඳහා 1,802ක පමණ පිරිසක් විදේශ ගත වීමට නියමිත බව විදේශ සේවා කාර්යාංශය පවසනවා.
ඊශ්‍රායලය සහ ලංකාව අතර වූ ගිවිසුමට අනුව 2024 අප්‍රේල් 13 දින සිට නොවැම්බර් 11 දින දක්වා කාලය තුළ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයට රැකියා සඳහා විදෙස් ගත වූ පිරිස 4,531ක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයන්ගෙන් අය කරන ගුවන්ටිකට්පත් ගාස්තුව අඩු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය පසුගියදා පියවර ගත්තා.