උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකියි.

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වෙනත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *