පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ එම වෙළඳුන් පනවා ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන සහ තොග සඟවා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (11) සිට තවත් පුළුල් කරන බව එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියා.