අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් එම විදෙස් යුවළ බේරාගෙන කඩිනමින් ප්‍රතිකාර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
අහුංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් වන ලසන්න, සංගීත සහ දුලංජය යන නිලධාරීන් විසින් මෙම දිවි බේරා ගැනීම සිදුකර තිබෙනවා.