ඊශ්‍රායලය විසින් සිරියාවේ අල් බයිඩා සහ ලටාකියාහි වරායන්වලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් වරායට විශාල හානියක් සිදුවී නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවයි.

ඊශ්‍රායලය විසින් සිරියාව වෙතට ගුවන් ප්‍රහාර 350කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් කියා සිටියේ සිය රාජ්‍යයට තර්ජනයක් වන උපායමාර්ගික හැකියාවන් විනාශ කිරීම ඉලක්ක කරන බවයි.

මේ අතර සිරියානු අගනුවර වන ඩැමස්කස්හි මෙන්ම හෝම්ස්, ටාටස් සහ පැල්මයිරාහි ගුවන් තොටුපොළවල, හමුදා වාහන, ගුවන් යානා නාශක අවි සහ ආයුධ නිෂ්පාදන ස්ථාන ඇතුළු පුළුල් පරාසයක ඉලක්ක වෙත පහර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *