සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව හෙට (12) දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා.

ප්‍රතිලාභී පවුල් 1,707,311 වන අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත රු 11,024,310,500.00ක මුදලක් බැර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් අනිද්දා (13) සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *