කොළඹ කොටස් වෙළඳපල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එස් ඇන්ඩ් පී ටුවෙන්ට් මිල දර්ශකය එකක 42,80කින් ඉහළ ගොස් තිබෙනවා.

එය සටහන් වුණේ ඒකක 4186.80ක් ලෙසයි.

මේ අතර සමස්ත වෙළඳපොල පිරිවැය රුපියල් බිලියන 7.3ක් දක්වා සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *