උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය දුර්වල වීම හේතුවෙන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට හෙට (13) උදෑසන කාලයේ වැසි ඇති වීමට ඉඩ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *