උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ වැසි ඇති වීමට ඉඩ තිබෙනවා.