ලබන වසරේ මැයි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන ශ්‍රීපාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුවයි.
එහි සඳහන් වන්නේ ශ්‍රී පාද මළුව, ගමන් මග ඇතුළු පරිශ්‍රයේ තාවකාලික නවාතැන් සැකසීම සහ පවත්වාගෙන යෑම, ගොඩනැගිලි ඉදිකිරීම, හිඟමන් යැදීම සහ ලබාදීම තහනම් බවයි.
එමෙන්ම පොලිතින් බැහැර කිරීම, සංචාරක වෙළඳාම සහ මත්පැන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය වෙළඳාම තහනම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.