පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න ලෙස ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අවසන් කර තිබෙනවා.
ඒ අනුව එහි තීන්දුව ලබන 31වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සම් පුරා දින 03ක් පුරා යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.
ඒ අනුව පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද අවසන් වුණා.
අනතුරුව ලිඛිත දේශන ඇත්නම් ඒවා හෙට (19) පෙරවරු 9.00ට පෙර ඉදිරිපත් කරන ලෙසත් පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළා.