ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බවයි.

මේ අතර ජාතික හැඳුනුම්පත නොමැති වුව ද බැංකු ගිණුම් විවෘත කිරිමට අවස්ථාව සලසා දී තිබෙනවා.

බැංකු ගිණුම් නොමැති අස්වැසුම ප්‍රතිලාභින් ලබන 27වනදාට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාදෙන ලිපිය ලබා ගෙන බැංකු ගිණුම් විවෘත කළ යුතු බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *