පාකිස්ථානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්.
ඒ අනුව සහිවාල් වර්ගයට අයත් පුංගවයින් පස් දෙනෙක් සහ නිලි රවී වර්ගයට අයක් පුංගවයන් දෙදෙනෙක් මිල දී ගැනීමටත් සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර තිබෙනවා.