මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වසරේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට එක් දරුවෙක්ට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටද රජය තීරණය කර ඇති බවයි.