පසුගිය දින 10ක කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න සඳහන් කළේ වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ස්ථාන කිහිපයකින් ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා මෙම වැටලීම් සිදුකළ බවයි.

පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් හිඟයක් පැවැතියද මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බවද ඔහු කියා සිටියා.

මේ වන විට සහල් ආනයනය සඳහා කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගික අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ උත්සව සමයේදී හිඟයකින් තොරව සහල් සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *