නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (21) අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.

එමෙන්ම අදාළ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුකළ 50 හැවිරිදි සෞදි අරාබියානු ජාතික රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *