ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කෙරෙන නත්තල් දිනය අද (25) කිතුනු ජනතාව මහත් බැතියෙන් සමරනු ලබනවා.

කෙසේ වෙතත් මෙවරත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙම් නගරයේ කිසිඳු නතතල් සැමරීමක් සිදු නොවන බවයි බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඒ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින්.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ලොව පුරා කිතුනු බැතිමතුන් මෙන්ම මෙරට කිතුනු දෙව් මැදුරුවලද විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණා.

මෙරට ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ ජා ඇල වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදී.

අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සිය නත්තල් පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළේ ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සළකා මෙවර නත්තල සැමරීමට සියලු දෙනා වග බලාගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *