හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (24) ගල්කිස්ස පොලිස් වසමේ සේන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වන බොරුපන, රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.