ජාතික තෛපොංගල් සැමරුම ජනවාරි 18 වනදා යාපනය තෙල්ලිපලේ ප්‍රදේශයේ පැවැත්වීමය තීරණය කර තිබෙනවා.
ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින්.
එම වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (26) විෂයභාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එහිදී ඉන්දියාවේ පැවැත්වෙන සබරිමලේ හෝලි යාත්‍රා චාරිකාවට මෙරට නියෝජනය කරමින් වැඩි හින්දු බැතිමතුන් පිරිසක් සහභාගී කරවීමටත් ඊට රාජ්‍ය නිල භාවය ලබා ගැනීම සදහා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.