මගී ප්‍රවාහන බස් රථ වෙනුවෙන් ලබා දී තිබෙන ප්‍රමිතිය නිසි පරිදි යාවත්කාලීන කර ඒ සම්බන්ධ නීතිය දැඩි කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

පසුගිය දිනවල අනතුරට පත්වූ පෞද්ගලික බස් රථ කිහිපයක් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවූ බව අනාවරණය වීමත් සමඟ මේ කාර්යය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බස් රථ රියදුරුට රිය ධාවනයේදී ඉදිරිපස මනාව පෙනෙන ලෙස බස් රථය සැකසී තිබිය යුතු බවත් අධික ශබ්දය පාලනය කිරීම මෙන්ම ආසන පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *