කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අබේසේකර එම තනතුර සඳහා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වරලත් ගණකාධිකාරීවරයෙක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණය ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය හිමි කරගෙන තිබෙනවා.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *