චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා.
ඔවුන් සඳහන් කළේ ශීත දේශගුණික තත්ත්වයක් සමඟ එවැනි වෛරස පැතිරීම සාමන්‍ය බවයි.
මේ අතර රටවල් රැසක් සිය පුරවැසියන්ට චීනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත් චීන රජය නිවේදනය කළේ සිය රටට පැමිණෙන විදේශිකයන්ට චීනයේ සංචාරය කිරීමේ අවදානමක් නොමැති බවයි.