චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ බැංගලෝර්හි මාස 08ක් වයසැති බිළිඳක්ට එම වෛරසය ආසාදනය වී ඇති බවයි.
HMPV වෛරසය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට වැඩි අවදානමක් ඇති කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කළේ වෛරසය එහි වර්තමාන ස්වරූපය අනුව දරුණු ආසාදන ඇති කිරීමට ඉඩක් නොමැති බවයි.