ඉදිරියේදී වී සඳහා සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.

ඒ ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්,

එහිදී ඔහු කියා සිටියේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය සහ සතොස හරහා සිදුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ වී මිලදී ගැනීම් සිදුකරන පුද්ගලයන්ට ණය පහසුකම් ලබාදීමටත් කටයුතු කරන බවයි.

මේ අතර සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා රජය ලබාදුන් අවසරය ලබන 10වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *