සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවිඩයන්වලට සිය පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
එම කොමිසම සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් දිළිදු පවුල් සඳහා රුපියල් 50,000ක ආධාර මුදලක් ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ කෙටි පණිවිඩ නිකුත් කිරීමක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි.
ඒ අනුව අදාළ කෙටි පණිවුඩ සඳහා තමන්ගේ පුද්ගලික තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මේනකා පතිරණ දැනුම් දුන්නා.