උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය අවසාන වාර විභාගයේ සියලුම විෂයයන් ජනවාරි 27වනදා සිට නැවත පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් පසුගියදා එම විභාගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළා.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන සඳහන් කළේ විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර එලෙස පිටව ඇති බවයි.