2025 වසරේදී ශ්‍රි ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසක් සඳහා දකුණු ‍කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයන් 96දෙනෙක් සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දකුණු කොරියාවට ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවල් 16 අතර වඩා ඉහළ දක්ෂතාවයන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයන් ශ්‍රි ලංකාවෙන් යොමුකිරීමට ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *