මහාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් අද (09) දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී එලෙස දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද එම අවස්ථාවට එක්ව සිටියා.