අද (10) සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *