යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් ලබා ගැනීම අද (10) අවසන් වීමට නියමිතව තිබෙනවා.

බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී සිදු කරන බවයි වාර්තා වන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී මධ්‍යම පළාතෙන් ආරම්භ වුණා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව කටයුතු කළේ මහජන උපදේශනයේදී ඉදිරිපත් කරන අදහස් සහ යෝජනා සැළකිල්ලට ගෙන මෙම වසරේ මුල් මාස 06 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබද අවසන් තීරණය ලබන 17වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *