ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර ජීවන රටා සඟරාවක් වන වෝග් සඟරාව විසින්.
ඒ අනුව පෞරාණික වෙරළ තීරයන්, බහුල වන ජීවීන්, සන්සුන් තේ වතු සහ අද්විතීය සංස්කෘතික අත්දැකීම් ඉස්මතු කරමින්, සීතල මාසවලදී උණුසුම සහ ත්‍රාසජනක අත්දැකීම් සොයන සංචාරකයන් සඳහා සුදුසු ගමනාන්තය ලෙස දකුණු වෙරළ තීරය නම් කර තිබෙනවා.