ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන තිබෙනවා.

ඒ එහි පැතිර යන ලැව්ගිනි සමඟ නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරා ගැනීමේ සිද්ධීන් වාර්තා වීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 10,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි.

එමෙන්ම ඒ හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ පැතිරයන ලැව්ගිනි හේතුවෙන් 180,000කට වැඩි වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *