බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා ලබන 14වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී තිබෙනවා.
ඒ ජනවාරි 14වනදා යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන්.
එදින හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙක්ට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ බන්ධනාගාර නිතීරීතී අනුව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාරයන් තුළ සිදුකරන බවයි.