ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 24දෙනෙක් පමණ මියගොස් තිබෙනවා.
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සඳහන් කළේ මෙය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී විපත විය හැකි බවයි.
මෙම ලැව්ගින්න හේතුවෙන් මේ වන විට නිවාස දහස් ගණනක් විනාශ වී තිබෙනවා.