ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළා
ඒ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට හැඳුනුම්පත් ලබා ගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බවයි.
එමෙන්ම ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබා ගැනීමට තීරණය කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.