පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරින් හානි වූ වගා සඳහා මේ මස අවසානයේ වන්දි ලබාදෙන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි පිළිබඳ තක්සේරු කිරීම් 95%ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒ අනුව ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානවලින් අවසන් නිර්දේශිත වන්දි ලේඛන වාර්තා ලැබීමෙන් අනතුරුව අදාළ මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *