විදුලි ගාස්තු සංශෝධනයට අදාළ සිය අවසන් වාර්තාව එළඹෙන සිකුරාදා නිකුත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඒ සඳහා වන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම පසුගිය 10වනදා අවසන් වුණා.

සෑම පළාතක්ම නියෝජනය වන පරිදි එම මහජන අදහස් විමසීම සිදු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *