දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, වැලිමඩ සහ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩුනුවර, පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරක්කෙත සහ වලපනේ ප්‍රදේශවලට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි

අද (14) පස්වරු 4.00 සිට හෙට (15) පස්වරු 4.00 දක්වා වූ පැය 24 සඳහා එම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *